ඩග්ලස් අමාත්‍යවරයකු ලෙස කටයුතු කළ කාලයේ මාධ්‍යවේදීන් බොහෝ දෙනෙකු ඝාතනයට ලක්වුනා – සුරේෂ් ප්‍රේමචන්ද්‍රන්

සුරේෂ් ප්‍රේමචන්ද්‍රන්ඊ.පී.ඩී.පී. පක්‍ෂයේ නායක ඩග්ලස් දේවානන්දා මහතා අමාත්‍යවරයකු ලෙස කටයුතු කළ කාල වකවානුවේ ඝාතනයට ලක්වූ සහ පහරදීමට ලක්වූ දෙමළ මාධ්‍යවේදීන් සම්බන්‍ධයෙන් එදා කිසිම ක්‍රියාමාර්ගයක් නොගෙන, අද මාධ්‍යවේදීන්ට යුක්තිය ඉල්ලා සිටීම හාස්‍යජනක බව දෙමළ ජාතික සන්ධානයේ හිටපු පාර්ලිමෙන්තු මන්ත්‍රී සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් මහතා පවසයි.

ඩග්ලස් දේවානන්දා මහතා විසින් කළ ප්‍රකාශයක් සම්බන්‍ධයෙන් ඊයේ දින මාධ්‍යට අදහස් පළ කරමින් සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් මහතා මේ බව පවසා තිබේ.

උතුර නැගෙනහිර පළාත්වල මාධ්‍යවේදීන් බොහෝ දෙනෙකු ඝාතනයට පත්වුයේ ඩග්ලස් දේවානන්තා මහතා අමාත්‍යවරයකු ලෙස කටයුතු කළ කාලයේදීය, එදා එම ඝාතකයන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ගයක් ගැනීමට ඩග්ලස් දේවානන්දා මහතා අපොහොසත්වූ බව සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් මහතා චෝදනා කර තිබේ.

පසුගියදා පාර්ලිමෙන්තුවේදී පැවැති අයවැය විවාදයට එක්වෙමින්, ඝාතනයට සහ පහරදීමට ලක්වූ මාධ්‍යවේදීන් සම්බන්‍ධයෙන් පරීක්‍ෂණ පවත්වා නීතිමය ක්‍රියාමාර්ගයක් ගත යුතු යැයි ඩග්ලස් දේවානන්දා මහතා පවසා තිබීම විශේෂත්වයකි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top