SRILANKAN NEWS

අලිමංකඩ, කුරුන්චාතිව් ලුනු ලේවාය පුද්ගලීකරණයට එරෙහි විරෝධය කල් යයි..

mg_0047කිලිනොච්චිය අලිමංකඩ සහ කුරුන්චාතිව් ලුනු ලේවාය පුද්ගලීකරණය කිරීමට එරෙහිව අද පෙරවරුවේ අලිමංකඩ ලුණු ලේවාය ඉදිරිපිට විරෝධතාවක් පැවැත්වීමට තීරණය කර තිබුණි. කෙසේ නමුත් පවතින අයහපත් කාලගුණික තත්වය හේතුවෙන් එම විරෝධතාවය තාවකාලික කල්දමා ඇති බව සංවිධායකයන් පවසයි.

අද පෙරවරුවේ අලිමංකඩ ලුණු ලේවාය ඉදිරිපිට අලිමංකඩ සහ කුරුන්චතිව් ලුණු ලේවායේ කම්කරුවන් සහ ප්‍රදේශවාසීන් එක්ව ඉකුත් විරෝධතාවය පැවැත්වීමට තීරණය කර තිබූ අතර, පවතින සුළ සහිත වර්ෂාව හේතුවෙන් විරෝධතාවය කල් දැමූ බවත්, අදාළ විරෝධතාවය වෙනත් දිනක පැවැත්වීමට පියවර ගන්නා බව ද සංවිධායකන් පවසා තිබේ.

අලිමංකඩ ලුණු ලේවාය පුද්ගලීකරණය කිරීමට එරෙහිව විරෝධතාවක්..
November 24, 2016

අලිමංකඩ ලුණු ලේවාය පුද්ගලීකරණය කිරීමට රජය තීරණය කර ඇති බවට පළවූ පුවතින් අනතුරුව, ලුණු ලේවායේ කම්කරුවන් සහ ප්‍රදේශවාසීන් ද එක්ව සිය විරෝධය පළ කිරීම සම්බන්‍ධයෙන් වූ රැස්වීමක් ඉයක්කච්චිය දී පැවැත්වුණි.

පරන්දන්, කුමරපුරම්, උමයාල්පුරම්, තට්ටුවන්කොට්ටි, ඉයක්කච්චිය, සංකත්තාර්වයල්, කොයිල්වයල්, මුකාවිල්, මාසාර්, සෝරන්පට්රු, සහ පේරලයි යන ප්‍රදේශවල කම්කරුවන් සහ ජනතාව මෙයට සහභාගිවූහ.

රජය විසින් මෙවර ඉදිරිපත් කළ අයවැය යෝජනාවෙහි පාඩු ලබන සංස්ථා පුද්ගලීකරණය කිරීමට යන බවට පවසා තිබීමෙන් අනතුරුව, අලිමංකඩ ලුණු ලේවාය ද මෙලෙස පුද්ගලීකරණය කිරීමට තීරණය කර ඇති බවට තොරතුරු ප්‍රචාරයවීමත් සමඟ එයට සිය විරෝධය පළ කිරීම සඳහා ඔවුන් මෙම තීරණයට එළඹී තිබේ.