තමිල්නාඩුවේ පුපුරණ ද්‍රව්‍ය කර්මාන්ත ශාලවක ඇතිවූ ගින්නකින් 20ක් මරුට

ගින්නඉන්දියාව තමිල්නාඩු, තිරුච්චිය ප්‍රදේශයේ පුපුරණ ද්‍රව්‍ය කර්මාන්ත ශාලාවක ඇති වූ ගින්නකින් එහි කම්කරුවන් 20 දෙනෙකු මිය ගොස් තිබේ. සිද්ධිය සිඳුවූ ස්ථානයේ සහන කණ්ඩායම මෙහෙයුම් කටයුතුවල නිරතව සිටියි.

අද (01) පෙරවරුවේ කම්කරුවන් වැඩට පැමිණි අවස්ථාවේ හදිසියෙන්ම පුපුරණ ද්‍රව්‍ය ගබඩාව පුපුරා යාමෙන් මෙම අනතුර සිඳුව තිබේ. ගිනි නිවන හමුදාව සහ පොලීසිය සිද්ධිය ස්ථානයට පැමිණ මෙහෙයුම් කටයුතු ආරම්භ කර තිබේ. ගින්නට හේතුව මෙතෙක් තහවුරුවී නොමැති බව ද වාර්තා වේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top