WORLD NEWS

ට්‍රම්ප්ට CIA ප්‍රධානියාගෙන් අනතුරු ඇඟවීමක්

_92727281_johnbrennanරුසියාව විසින් දෙනුලැබ ඇති ප්‍රතිඥාවන් සම්බන්ධයෙන් ප්‍රවේශමෙන් කටයුතු කරන මෙන් ඇමෙරිකානු මධ්‍යම රහස් ඔත්තු අංශයේ(CIA)අධ්‍යක්ෂවරයා ඇමෙරිකානු ජනාධිපති පදවියට පත්ව සිටින ඩොනල්ඩ් ට්‍රම්ප් ගෙන් ඉල්ලීමක් කරයි.

CIAඅධ්‍යක්ෂ ජෝන් බ්‍රෙනන් (John Brennan) අභිනව ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින්නේ ලබන වසරේ ජනවාරි මාසයේ ජනාධිපති පදවියේ වැඩකටයුතු භාරගනු ලැබීමෙන් අනතුරුව රුසියාවේ ක්‍රියාකලාපය පිළිබඳව විපරම් සහගතව සිටින ලෙසය.

ඔහු එම දැනුම්දීම කළේ බීබීසිය සමඟ පැවැත්වුන සාකච්ඡාවකදීය.

රුසියාව නිරන්තරයෙන්ම ඔවුන් ක්‍රියාත්මක වෙන රටවල් සම්බන්ධයෙන් පවතින ස්වීය අභිලාෂයන් අනුව දිගටම කටයුතු කරන බව පවසන ඇමෙරිකානු මධ්‍යම රහස් ඔත්තු අංශයේ(CIA)අධ්‍යක්ෂවරයා, සිරියාවේ පවතින පීඩාකාරී තත්වයට රුසියාවේ මැදිහත්වීම් හේතු වූ බවට චෝදනාවක් ද කරයි.

මොස්කව් පාලනය සමඟ සහයෝගීතා සම්බන්ධතාවක් ඇතිකර ගැනීම සඳහා නව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් උපදෙස් දී ඇත.

ඇමෙරිකා එක්සත් ජනපදය ඉරානයත් සමඟ ඇතිකරගත් න්‍යෂ්ටික ගිවිසුම ඉරා දමනු ලැබුනොත් එය විනාශකාරී ප්‍රතිපල අත්කරනු ඇතැයි පවසන ඇමෙරිකානු මධ්‍යම රහස් ඔත්තු අංශයේ(CIA)අධ්‍යක්ෂවරයා එවැනි ක්‍රියාමාර්ගයක් විග්‍රහ කරන ලද්දේ ‘අනුවණභාවයේ උච්ඡචතම පියවරක්’හැටියටයි.

එම අනතුරු ඇඟවීම් කරන ඇමෙරිකානු මධ්‍යම රහස් ඔත්තු අංශයේ(CIA)අධ්‍යක්ෂ ජෝන් බ්‍රෙනන් (John Brennan) ලබන ජනවාරි මාසයේ පදවියෙන් ඉවත්වීමට නියමිතයි.

– බීබීසී සිංහල සංදේශය –