SRILANKAN NEWS

යාපනය මහ‍ රෝහල සඳහා ප්‍රති ආශ්‍රැත ජල පිරිපහදු යන්ත්‍රය

navy_installs_a_water_treatment_plant_in_20161202_01p1ශ්‍රී ලංකා නාවික හමුදාව වකුගඩු රෝග බහුල ප්‍රදේශ සහ පිරිසිදු පානිය ජල අවශ්‍යතාව සහිත පිරිස් ඉලක්ක කරමින් සිදුකරන ප්‍රජා සේවා ව්‍යාපෘතිය තවත් සාර්ථක පියවරක් ක්‍රියාත්මක කරමින් සිය 56වැනි ප්‍රති ආශ්‍රැත ජල පිරිපහදු යන්ත්‍රය (Reverse Osmosis (RO) plan) පසුගිය දින (දෙසැ 01) යාපනය මහරෝහල් පරිශ්‍රයේදී උත්සවාකාරයෙන් ජනතා අයිතියට පත්කෙරුණ බව නාවික හමුදා නිල වෙබ් අඩවිය පවසයි.

ඒ අනුව යාපනය රෝහලේ නේවාසික රෝගීන්ට රෝහල් කාර්ය මණ්ඩලයට පිරිසිදු පානිය ජලය ලබාගැනීමේ හැකියාව ලැබේ.

මෙම ව්‍යාපෘතිය යටතේ වසරක් ඇතුලත දිවයිනේ වකුගඩු රෝගය බහුලව පවතින මෙන්ම පිරිසිදු පානීය ජාල අවශ්‍යතාව සතිත පිරිස් වෙසෙන දිස්ත්‍රික්ක 11 ක් ආවරණය වන පරිදි ප්‍රති ආශ්‍රැත ජල පිරිපහදු යන්ත්‍ර 56 ක් ස්ථාපිත කර ඇත. ඒ මගින් පවුල් 28,000 කට වැඩි සංඛාවකට හා පාසල් දරු දැරියන් 20,000 කට පමණ පිරිසිදු පානීය ජල අවශ්‍යතාවයන් සපුරා ගැනීමට හැකියාව ලැබී ඇති බව එම පුවත වැඩි දුරටත් සඳහන් කරයි.