SRILANKAN NEWS

ජාත්‍යන්තර පර්යේෂණ සමුළුව යාපනය විශ්වවිද්‍යාලදී ලබන 12 වනදා ඇරඹේ

Jaffna university_CIයාපනය විශ්වවිද්‍යාලය මගින් සංවිධානය කරනු ලබන ජාත්‍යන්තරය පර්යේෂණ සමුළුව 2016 අගෝස්තු 12සහ 13 යන දිනවලදී යාපනය විශ්වවිද්‍යාලයේ දී පැවැත්වේ.

මෙවර සමුළුවේ තේමාව වී ඇත්තේ හරිතමය අනාගතයක් කරා යන්නයි. සමුළුවෙහි ආරාධිත දේශනය එක්සත් රාජධානියෙහි මහාචාර්ය රේචල් රෛට් විසින් සිදු කරනු ලබයි.

ගෝලීය මට්ටමින් අධික ලෙස කතාබහට ලක්වන සහ අභියෝගයට ලක්වන පරිසරය පිළිබඳ අවබෝධය කෙරෙහි තම ගවේෂණය යොමු කරන මෙම සමුළුව ජාත්‍යන්තර මට්ටමෙහි ප්‍රකට ප්‍රවීනයන්ගේ සහභාගිත්වය සහිත ව ලංකාවේ අදාළ ක්ෂේත්‍රවල බුද්ධිමතුන්ගේ සහභාගිත්වයෙන් පැවැත්වේ.