හමුදාව මුල්ලතීව් ජනතාවගේ ඉඩම් අත්පත් කරගන්නවා – මන්ත්‍රී සිවමෝහන් චෝදනා කරයි..

සිවමෝහන්මුල්ලතිව් දිස්ත්‍රික්කයේ ජනතාවට අයත් ඉඩම් හා දිස්ත්‍රික්කයේ වැදගත් ඉඩම් සියල්ල හමුදාව විසින් අත්පත්කරගෙන ඇති බව පාර්ලිමෙන්තු මන්ත්‍රී එස්. සිවමෝහන් මහතා චෝදනා කර තිබේ.

ඊයේ (3) දින පාර්ලිමෙන්තුවේ පැවැති වැය ශීර්ෂයේ විවාදයට එක්වෙමින් හෙතෙම මේ බව පවසා තිබේ.

13 වන සංශෝධනය යැයි පවසා ගිවිසුමට අත්සන් තැබූ රජය, සියල්ල යටපත් කළේය, අද එය ජාතික ප්‍රශ්ණයක් බවට පත්වී තිබේ. හමුදාව අද මුල්ලතීව් දිස්ත්‍රික්කයේ ජනතාවට අයත් ඉඩම් සහ දිස්ත්‍රික්කයේ වැදගත් වන ඉඩම් අත්පත්කරගෙන තිබේ. මෙවැනි සිද්ධීන් මීට පෙර වෙනත් කිසිඳු දිස්ත්‍රික්කයක සිඳුවූ බවට මෙතෙක් කිසිම මන්ත්‍රීවරයකු පැමිණිළි කර නැහැ.

අද වට්ටුවාකල්, කොක්කිලායි, පුදුකුඩිඉරුප්පු සහ කෙප්පාපිලවු ඇතුළු ප්‍රදේශ රැසක ජනතා ඉඩම් හමුදාව විසින් අත්පත්කරගෙන සිටිම කණගාටුදායක කරුණක් බව හෙතෙම වැඩිදුරටත් පවසා තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top