ඕස්ට්‍රියා ජනාධිපතිවරණයේ ජය හරිත පක්ෂයට

_92828016__92827065_f9c38edc-708d-4767-b524-e4f59213c77eඕස්ට්‍රියාවේ ජනාධිපතිවරණයේ දෙවැනි වටයේ ඡන්ද විමසීමේ දී හරිත පක්ෂයේ හිටපු නායක ඇලෙක්සන්ඩර් වැන් ඩර් බෙලන් නව ජනාධිපතිවරයා ලෙස තේරී පත්වීමට නියමිත බව මෙතෙක් ලැබී ඇති ප්‍රතිඵල අනුව දක්නට ලැබේ.

ඔහුගේ ප්‍රතිවාදී අන්ත-දක්ෂිණාංශික නිදහස් පක්ෂයේ නෝබට් හොෆර් සිය පරාජය පිළිගත් බව ඇලෙක්සන්ඩර් වැන් ඩර් බෙලන්ගේ ප්‍රකාශකයකු පැවසීය.

ඇලෙක්සන්ඩර් වැන් ඩර් බෙලන්, නෝබට් හොෆර්ට වඩා සීයයකට හතක ඡන්ද ප්‍රතිශතයක් ලබා ඇති බව වාර්තාවේ.

පසුගිය මැයි මාසයේ පැවති පළමු ජනාධිපතිවරණයේ දී, හරිත පක්ෂයේ හිටපු නායක ඇලෙක්සන්ඩර් වැන් ඩර් බෙලන් එක් ප්‍රතිශතයකින් මැතිවරණය ජයග්‍රහණය කළේය.

එහෙත් ඡන්ද ගණන් කිරීමේ දී අක්‍රමිකතා සිදු වී ඇති බවට චෝදනා එල්ල වීමත් සමග ඡන්ද විමසීම යළිත් පැවැත්වීමට තීරණය කෙරුණි.

– බීබීසී සිංහළ –

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top