දයා මාස්ටර්ට එරෙහිව නඩු..

දයා මාස්ටර්එල්.ටී.ටී.ඊ. සංවිධානයේ හිටපු මාධ්‍ය ප්‍රකාශක දයා මාස්ටර්ට එරෙහිව නඩු පැවරීමට නියමිතය.

දයා මාස්ටර්ට එරෙහි පරික්ෂණ නිතිපති උපදෙස් අනුව අවසන් කළ බව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා ඉදිරියේ රහස් පොලිසිය ඊයේ (5) දැනුම් දි තිබේ.

අවසන් යුද්දය පැවති සමයේ සාමාන්‍ය වැසියන් ප්‍රාණ ඇපකරුවන‍් ලෙස රඳවා ගෙන සිටි බවට දයා මාස්ටර්ට එරෙහිව චෝදනා එල්ලවී තිබේ. මෙම චෝදනාව යටතේ නීතිපති විසින් වව්නියාව අධිකරණයේදී දයා මාස්ටර්ට එරෙහිව නඩු පවරා තිබේ.

දයා මාස්ටර් හා කොටි සංවිධානයේ හිටපු භාෂා පරිවර්තක ජෝර්ජ් මාස්ටර් 2009 දී ඕමන්තේ හමුදා මුර පොළට බාර වීමෙන් පසුව රහස් පොලිසිය පරික්ෂණ ඇරඹීය.
නීතිපතිගේ උපදෙස් අනුව ජොර්ජ් මාස්ටර් මීට කලින් නිදහස් විය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top