SRILANKAN NEWS

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා වන චර්යා ධර්ම සංග්‍රහයක්

karu කරුපාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා වන චර්යා ධර්ම සංග්‍රහය කතානායක කරූ ජයසූරිය මහතා විසින් අද (10) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබේ.

ලෝකයේ දියුණු රටවල දැනට පවතින තත්ත්වයන් පිළිබඳවද, දේශීය හා විදේශීය විද්වතුන් විසින් ඉදිරිපත් කරන ලද අඳහස් ද මැනවින් අධ්‍යයනය කර මන්ත්‍රීවරුන්ගෙන් අපේක්ෂාකරනු ලබන විශිෂ්ඨතා මට්ටම පිළිබඳව මහජන විශ්වාසය ඇති කිරීම පිණිසත් අවශ්‍ය වන්නා වූ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා වන චර්යා ධර්ම සංග්‍රහය කෙටුම්පතක් වශයෙන් සකස් කර මීට මාස තුනකට පෙර මන්ත්‍රීවරුන්ට ලබාදීමෙන් අනතුරුව විවිධ අඳහස් හා යෝජනා සියල්ලම සළකා බලා, අවසාන වශයෙන් නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුවේ ද සහාය ඇතිව සකස් කරන ලද එහි අවසාන පිටපත සැමගේ අනුමැතිය සඳහා ඉදිරිපත් කරන බව කතානායකවරයා කෙටුම්පත ඉදිරිපත් කරමින් පැවසී ය.