හදිසි අනතුරුවලට ලක්වන රෝගීන් ගුවනින් රෝහලට ගෙන යෑම ගැන අවධානය..

rajitha - රාජිතහදිසි අනතුරුවලට ලක්වන රෝගින් ගුවන් මගින් රෝහලට ගෙන යෑමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට අවධානය යොමුව ඇති බව සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.

යම් අයෙකු අනතුරකට ලක්වී මුල් පැය හෙවත් “ස්‌වර්ණමය පැය” අැතුළත රෝහල්ගත කිරීම එම පුද්ගලයාගේ ජීවිතය බේරා ගනීමට වඩා වැදගත් වන බැවින් රෝගීන් ගුවන් මගින් රෝහල් ගත කිරීම සම්බන්ධයෙන් අවධානය යොමු වී ඇති බව හෙතෙම පවසා තිබේ.

වාහන තදබදයක් පවතින අවස්ථාවලදී අනතුරට ලක්වන පුද්ගලයින් රෝහල් ගත කිරීම සදහා මෙම ක්‍රමය ඉතා සුදුසු බවත් අදාළ ක්‍රමවේදය ජර්මනියේ ක්‍රියාත්මක වන අතර මේ සම්බන්ධයෙන් අග්‍රාමාත්‍යවරයා ප්‍රමුඛ ආර්ථික කමිටුවට යෝජනාවක් ඉදිරිපත් කර ඇතැයිද අමාත්‍යවරයා වැඩිදුරටත් පවසා තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top