WORLD NEWS

කොලොම්බියා රජය ශ්‍රී ලංකාව අනුගමනය කළේ නැහැ –

juan-manuel-santosසාම ප්‍රයත්නය තුළ කොලොම්බියා රජය ශ්‍රී ලංකාව අනුගමනය නොකළ බව කොලොම්බියා ජනාධිපති හුවාන් මැනුවෙල් සන්ටෝස් පවසයි.

මෑතකදී ෆාර්ක් ගරිල්ලන් (FARC) සමග කොලොම්බියානු ජනාධිපතිවරයා සාම ගිවිසුමකට අත්සන් තබා තිබුණි. මෙවර නොබෙල් සාම ත්‍යාගය කොලොම්බියානු ජනාධිපතිවරයාට ලබාදීමට නියමිත බව ප්‍රකාශ කර තිබීම ද විශේෂත්වයකි.

කොලොම්බියා ආණ්ඩුව හා ෆාර්ක් සංවිධානය අතර පැවති සාම වැඩ පිළිවෙල සඳහා ගැළපෙන අදහස් ශ්‍රී ලංකාවෙන් ලබා ගත් බවත්, කෙසේ නමුත් ඒ ඒ රටවලට ආවේණික වූ තත්වයන් පවතින හෙයින් සාම ප්‍රයත්නය තුළ කොලොම්බියා රජය ශ්‍රී ලංකාව අනුගමනය නොකළ බව හෙතෙම පවසා තිබේ.

නෝර්වේ ඔස්ලෝ අගනුවර සංවිධානය කෙරුණු නොබෙල් ත්‍යාග සම්මාන උළෙලට පෙර පැවති මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදීන් යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් හෙතෙම මේ බව පවසා තිබේ.

ශ්‍රී ලංකාවේ සාම ක්‍රියාදහමය කෙරෙහි වැඩි අවධානයක් යොමු කළ නමුත් එය කොලොම්බියාවට ගැළපෙන ක්‍රියා පටිපාටියක් ලෙස තමන් අදහස් නොකරන බව කොලොම්බියානු ජනාධිපතිවරයා වැඩිදුරටත් පවසා තිබේ.