සීග්‍රයෙන් වෙනස්වන ලෝකය තුළ මෙරට ආරක්ෂක අංශයන්ට අවශ්‍ය නව තාක්ෂණික දැනුම ලබාදීමට රජයක් ලෙස කටයුතු කරමින් සිටින බව ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා සදහන් කළේය.
ජනාධිපතිවරයා මේ බව සදහන් කරනු ලැබුවේ (12) පෙරවරුවේ සපුගස්කන්ද මාකොළ පැවති ආරක්ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ උපාධි ප්‍රදානෝත්සවයට එක්වෙමිනි.
එමෙන්ම ආරක්ෂක අංශ වලට දියයුතු සම්පත් උපරිමයෙන් ලබාදීමට තමා ඇතුළු රජය කැපවී සිටින බවත් ආරක්ෂක අමාත්‍යවරයා ලෙස මෙන්ම මෙරට පුරවැසියෙක් ලෙස මාතෘ භූමියේ ආරක්ෂාව වෙනුවෙන් කැපවී සිටින බවත් ජනාධිපතිවරයා ප්‍රකාශ කළේය.
ජාතික මෙන්ම අන්තර් ජාතික වශයෙන් ආරක්ෂක විෂය ක්ෂේත්රය පිළිබද පුළුල් දැනුමක් ලබාදීමට කටයුතු කරන ආරක්ෂක විද්‍යාලයට සිය පැසසුම් එක්කළ ජනාධිපතිවරයා ඒ තුළ රටේ අනාගත ආරක්ෂාව පිළිබද සතුටු විය හැකි අපේක්ෂාවන් ජනිත කරවන බව ද සදහන් කළේය.
ගෙවීගිය වසර දෙකකට ආසන්න කාලය තුළ තමන් විසින් උත්සාහ කරනු ලැබුවේ අන්තර්ජාතික වශයෙන් අප රටට ලබාගත යුතු සහාය ලබාගැනීමට බව පෙන්වා දුන් ජනාධිපති සිරිසේන මහතා එහිදී ජාත්‍යන්තරයෙන් ආරක්ෂක අංශයන්ට එල්ල වූ චෝදනා වලට පිළිතුරු ලබාදීමට මෙන්ම රට තුළ ඇතිවන විවිධ ගැටළු නිරාකරණය කර ගැනීමට ද එම සබදතා මනා පිටිවහලක් වූ බව ද පෙන්වා දුන්නේය.
Add Comment