SRILANKAN NEWS

ප්‍රබාකරන්ව බේරා ගැනීමේ සැලස්මට තමිල්නාඩු නායකයන් විරෝධය පළ කළා – ශිවසංකර් මේනන්

එල්.ටී.ටී.ඊ. සංවිධානයේ නායක වේලුපිල්ලේ ප්‍රබාකරන්ව බේරා ගැනීමේ සැලස්මට තමිල්නාඩුවේ දේශපාලන නායකයන් විරෝධය පළ කළ බව ඉන්දිය හිටපු ජාතික ආරක්‍ෂක උපදේශක ශිවසංකර් මේනන් පවසයි.

ශිවසංකර් මේනන් විසින් ලියන ලද Choices: Inside the Making of India’s Foreign Policy නැමැති ග්‍රන්ථයෙහි මේ බව සඳහන් කර තිබේ. අවසන් යුද්දය පැවැති සමයේ ප්‍රබාකරන්ව බේරා ගැනීමට ඇමරිකාව සහ නෝර්වේ උත්සහ කළ අවස්ථාවේ ඉන්දියාව එයට විරෝධය පළ කළ බව හෙතෙම සඳහන් කර තිබේ.

ඉන්දිය මධ්‍යම රජයේ එම තීරණය තමිල්නාඩු දේශපාල නායකයන් පුද්ගලිකව අනුමත කළ බවත්, ඉන්දියාවේ සිටින දෙමළ නායකයන්ව භෞතිකව නැති කිරීම තුලින් ප්‍රබාකරන් දෙමළ ඊළම පිහිටුවන බව තමිල්නාඩු දේශපාලන නායකයන් නිසිලෙස වටහාගෙන සිටි බව හෙතෙම පෙන්වාදී තිබේ.

ශ්‍රී ලංකාවේ දෙමළ දේශපාලන නායකයන්ව එල්.ටී.ටී.ඊ. සංවිධානය ඝාතනය කළ බවත්, ශ්‍රී ලංකා කටයුත්ත පිළිබඳව ඉන්දිය මධ්‍යම රජය සහ තමිල්නාඩු ප්‍රාන්ත රජය අතර අර්බුදකාරි තත්වයක් පවතින බවට මතුපිටින් දැක්නට ලැබුණත් දෙපාර්ශවයම අනුගමනය කරන්නේ එකම ප්‍රතිපත්තිය බව හෙතෙම සඳහන් කර තිබේ.

රාජීව් ගාන්ධි ඝාතනයෙන් අනතුරුව සමස්ත ඉන්දියාවම එල්.ටී.ටී.ඊ. සංවිධානය පිළිබඳ ඒකමතික ප්‍රතිපත්තියක් අනුගමනය කළ බවත්, යුද ජයග්‍රහණය ආසන්නයේදී එල්.ටී.ටී.ඊ. සංවිධානයේ නායකයන් ආරක්‍ෂාකාරීව පිටත්ව යාමට මහින්ද රාජපක්‍ෂ එකඟ නොවූ බවත්, බටහිර රටවල් ඔවුන්ව බේරා ගැනීමට උත්සහ කළ බවද සඳහන් කර තිබේ.

ප්‍රබාකරන් ප්‍රයෝගිකව ක්‍රියාත්මක කළ නොහැකි ප්‍රතිපත්තියක් අනුගමනය කිරීම හේතුවෙන එල්.ටී.ටී.ඊ. සංවිධානය විනාශවූ අතර, ඔහුටද මිය යෑමට සිඳුවුණි. අවසන් යුද්දය තවත් ප්‍රමාද වුයේ නම් ජිවිත හානිය තවඳුරටත් ඉහළ යනු ඇත. සිවිල් ජනතාව ඝාතනයට පත්වීම ගැන විමර්ශන එල්ල වූ නමුත්, මෙවැනි යුද්දයකදී ජිවිත හානිය වලක්වා ගත නොහැකි බවද ශිවසංකර් මේනන් වැඩිදුරටත් පෙන්වාදී තිබේ.
ග්ලෝබල් ටැමිල් නිව්ස් – සිංහල