ජාතිවාදය පිළිබඳ ව කථා කරන කිසිම පුද්ගලයෙකු බෞද්ධයෙකු නොවන බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය වෛද්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.
බේරුවල අයි.එල්.එම් සම්සුදීන් විද්‍යාලයේ පැවැති උත්සවයකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව පවසා තිබේ.
එහිදී අමාත්‍යවරයා වැඩිදුරටත් පවසා සිටියේ, ‘මේ රටේ ජාතිවාදය ඇති කළේ දේශපාලන පක්ෂ විසින්. සෑම දිනකම ජාතිය, ආගම, කුලය, පෙරමුණ ගෙන කටයුතු කළා රට විනාශ කළේ බලය ලබාගැනීමටයි. ජාතිවාදය ද්‍රඩිඩ, මුස්ලිම්, ජාතීන් අතර ද පවතිනවා. දරුවන්ගේ මොළයටත් මෙම ජාතිවාදය ඇතුලු කර රට විනාශ කිරීමට උත්සාහ කරන්නේ දේශපාලනඥයින් විසින්. යුද්ධයෙන් ත්‍රස්තවාදය තුරන් කරන්න පුළුවන්. නමුත් සාමය ගේන්න බැහැ. සාමය ගේන්න පුළුවන් නායකයෙකු පසුගිය කාලයේ රජය තුළ හිටියේ නැහැ. එවැනි බුද්ධියක් හිටපු නායකයින්ට තිබුනෙත් නැහැ. අපේ රටේ කැරළි ඇති වුනේ දේශපාලනඥයින් නිසා‘ යැයි හෙතෙම පවසා සිටියේය.
Add Comment