මුස්ලිම් කොංග්‍රසයේ ලේකම් අර්බුදය, අද විශේෂ සාකච්ඡාවක්

ශ‍්‍රී ලංකා මුස්ලිම් කොංග‍්‍රසයේ ස්ථිර මහලේකම් හෝ ලේකම්වරයා තීරණය කිරීම සඳහා එම කොංග‍්‍රසයේ තීරණාත්මක උත්තරීතර මණ්ඩල රැස්වීමක් අද පස්වරුවේ පැවැත්වීමට නියමිත බව වාර්තාවේ.

පක්ෂයේ නායක රවුෆ් හකීම්ගේ ප‍්‍රධානත්වයෙන් මෙම රැස්වීම පැවැත්වන බව පක්‍ෂයේ මහ ලේකම් හසන් අලි මහතා තහවුරු කර තිබේ.

දේශපාලන පක්ෂයක ලේකම්වරයෙක් සහ මහලේකම්වරයෙකු ලෙස දෙදෙනෙකු සිටිය නොහැකි බැවින් ස්ථිර ලේකම්වරයා කවුරුන්ද යන්න දැනුම් දෙන ලෙස මැතිවරණ කොමිසම එම කොංග‍්‍රසයේ නායකත්වයට දන්වා තිබූ අතර එයට කාල සීමාවක්ද ලබාදී තිබුණි.

ඒ අනුව අද එහි උත්තරීතර මණ්ඩලය රැස්වී මේ සම්බන්‍ධයෙන් තීරණයක් ගැනීමට නියමිත අතර, එය හෙට දින මැතිවරණ කොමසාරිස්වරයා වෙත නිල වශයෙන් දැනුම් දිය යුතුය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top