තජිකිස්ථාන් ජනපති අද මහනුවරට

ශ්‍රී ලංකා රජයේ ආරාධනයකට අනුව පෙරේදා (12) තෙදින නිල සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණි තජිකිස්ථාන් ජනාධිපති එමෝමලි රමෝන් මහතා අද (14) මහනුවර නගරයේ සංචාරයක නිරත වෙමින් ඵෙතිහාසික දළඳා සමිඳුන් වැඳපුදා ගැනීමට නියමිතය.

තජිකිස්ථාන් ජනාධිපතිවරයා මෙරට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමඟ විශේෂ සාකච්ඡාවක නිරතවූ අතර, අගමැති රනිල් වික්‍රමසිංහ සහ කතානායක කරු ජයසූරිය මහත්වරු හමුවී සාකච්ඡා කළේය.

මහනුවර සංචාරයක නිරත වන ඒ මහතා එම සංචාරයෙන් අනතුරුව ශ්‍රී ලංකා ව්‍යාපාර ප්‍රජාව සමඟ සාකච්ඡා කිරීමට නියමිත අතර, එයින් අනතුරුව සිය සංචාරය සාර්ථකව නිමා කරන ටජිකිස්ථාන් ජනාධිපතිවරයා සියරට බලා නික්ම යාමට නියමිතව තිබෙන බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top