ශ්‍රී ලංකා-මැලේසියා තානාපති සබඳතාවට වසර 60යි

ශ්‍රී ලංකා මැලේසියා තානාපති සබඳතා අරඹා වසර 60ක් සපිරීම නිමිත්තෙන් සංවිධාන කෙරුණු විශේෂ ආහාර සහ සංස්කෘතික උළෙලක් පෙරේදා (15) පස්වරුවේ ක්වාලාලාම්පූර් නුවරදී පැවැත්විණි.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා එහි විශේෂ ආරාධිතයා ලෙස එක් වූ අතර මැලේසියා මානව සම්පත් සංවර්ධන ඇමැති Dato Sri Richard Riot Anak Jaem මහතා විසින් එහිදී ජනාධිපතිවරයා පිළිගනු ලැබීය.

මේ අතර, ශ්‍රී ලංකාව සහ මැලේසියාව අතර පවතින වෙළෙද සහ ආයෝජන අවස්ථා ඉහළ නැංවීමේ අරමුණින් දෙරටේ ව්‍යාපාරිකයන් සහ ආයෝජකයන් සහභාගි වූ ව්‍යාපාරික සමුළුවක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පෙරේදා (15) පස්වරුවේ ක්වාලාලම්පුර් නුවරදී පැවැත්විණි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top