විමල් පරීක්‍ෂණවලට සහාය දෙන්නේ නැහැ – පොලිසිය

ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මන්ත්‍රීවරයා පොලිස් පරීක්ෂණවලට සහය දීම හිතාමතාම ප්‍රමාද කරමින් සිටින බවට පොලිසිය චෝදනා කර තිබේ.

මේ සම්බන්‍ධයෙන් මූල්‍ය අපරාධ විමර්ශණ කොඨාශය කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ ප්‍රකාශ කර තිබේ.

රජයේ වාහන අවභාවිත කිරීම සම්බන්ධයෙන් සිදුකරන පරීක්ෂණ වලට අවශ්‍ය ප්‍රකාශ ලබාදීම සඳහා පැමිණෙන මෙන් දැනුම් දෙන දිනවල ජාතික නිදහස් පෙරමුණේ නායකයා නිසියාකාරව පෙනී නොසිටින හේතුවෙන් ලෙසින් අදාළ පරීක්ෂණ කටයුතු අවසන් කර ගැනීමට නොහැකි බැවින් නීතිපතිවරයා වෙත පරීක්ෂණ ගොනු යැවීමට නොහැකි තත්වයක් උද්ගතව තිබෙන බව පොලිසිය දන්වා තිබේ.

මේ සම්බන්‍ධයෙන් කරුණු සලකා ලැබූ මහේස්ත්‍රාත්වරිය ලබන 28 සහ 29 යන දිනවල පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය ඉදිරියේ පෙනී සිට අවශ්‍ය ප්‍රකාශ ලබාදෙන මෙන් විමල් විරවංශ මන්ත්‍රීවරයා වෙත නියෝග කළාය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top