මෛත්‍රීට සසිකලා ලියූ ලිපිය නිසා තමිල්නාඩුවේ මතභේදයක්..

කච්චතිව් උත්සවයට තමිල්නාඩු ධීවරයන් අධික පිරිසක් සහභාගිවීමට අවසර ලබා දෙන්නැයි තමිල්නාඩුවේ හිටපු මහ ඇමැතිනී ජයලලිතාගේ මිතුරියකු වන සසිකලා විසින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත තමිල්නාඩු රජය පාර්ශවයෙන් නිළ ලිපියක් යැවීමෙන් මතභේදාත්මක තත්වයක් ඇතිවී තිබේ.

ඉන්දිය මධ්‍යම ඇමැති පොන්. රාධා ක්‍රිෂ්ණන් සහ සසිකලා විසින් කච්චතිව ඇන්දෝනියාර් දේවස්ථාන උත්සවයට තමිල්නාඩු ධීවරයන් සහභාගිවීමට අවසර ලබා දෙන ලෙස ඉල්ලා ශ්‍රී ලංකාවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත ලිපියක් යවා තිබේ.

මේ සම්බන්‍ධයෙන් හිටුප ඇමැති හා පාර්ලිමෙන්තු මන්ත්‍රී ආරුමුගම් තොන්ඩමන් මහතා විසින්, ඉන්දිය ඇමැති පොන්. රාධා ක්‍රිෂ්ණන් සහ සසිකලාට පිළිතුරු ලිපි යවා තිබේ. එහිදී, ඔබලාගේ ඉල්ලීම සම්බන්‍ධයෙන් ශ්‍රී ලංකා රජය විසින් ගන්නා ලද තීරණයට අනුව, මීට පෙර තමිල්නාඩු ධීවරයන් 20 දෙනෙකුට අවසර ලබාදීමට තීරණය කළ නමුත්, දැන් ධීවරයන් 100 දෙනෙකුට උත්සවයට පැමිණීම සඳහා අවසර ලබා දෙන බව පවසා දෙදෙනාටම වෙන වෙනම පිළිතුරු ලිපි යවා තිබේ.

මෙමඟින් කිසිඳු රාජ්‍ය පරිපාලන අංශයක කටයුතු නොකරන සසිකලා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත නිල ලිපියක් යැවීමේ සිද්ධිය හෙළිවී තිබෙන අතර, එය තමිල්නාඩුවේ දැඩි මතභේදයක්ද ඇති කර තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top