උතුරු පළාතේ නොසන්සුන්කාරි ක්‍රියාවලට එල්.ටී.ටී.ඊ. සම්බන්‍ධයක් නැහැ

උතුරු පළාතේ පසුගිය සමයේ ඇති වූ කිසිඳු නොසන්සුන්කාරී ක්‍රියාවක් වෙනුවෙන් පුනරුත්ථාපනය ලැබූ හිටපු එල්.ටී.ටී.ඊ සාමාජිකයින් සම්බන්ධ වී නොමැති බව පුනරුත්ථාපන කොමසාරිස් ජනරාල් මේජර් ජනරාල් ජානක රත්නායක මහතා පවසයි.

පුනරුත්ථාපන පුහුණුව ලබාදීම සාර්ථකවීම හේතුවෙන් ඔවුන් නැවත ගැටුම් වෙත කිසිඳු ආකාරයකින් සම්බන්ධ නොවනු ඇති බව ඔහු පෙන්වා දී තිබේ.

එළඹෙන වසර දෙකක කාලය තුළ පුනරුත්ථාපන ක්‍රියාවලිය සම්පූර්ණයෙන්ම අවසන් කිරීමට හැකිවනු ඇති බවද ජානක රත්නායක මහතා එහිදී වැඩිදුරටත් පැවසුවේය.

පුනරුත්ථාපනය ලැබූ හිටපු එල්.ටී.ටී.ඊ සාමාජිකයින් තිදෙනෙකු සමාජගත කිරීම හා පුනරුත්ථාපනලාභීන්ගේ ජීවන තත්ත්වය නගා සිටුවීම වෙනුවෙන් මහන මැෂින් ඇතුළු උපකරණ ලබාදීමේ අවස්ථාවකට එක්වෙමින් මේජර් ජනරාල් ජානක රත්නායක මහතා මේ බව සඳහන් කළේය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top