වාලයිචේනයි හින්දු කෝවිලකට ප්‍රහාරයක්

මඩකළපුව, වාලයිචේනයි පොලිස් වසමේ පිහිටි වාකනේරි ශ්‍රී සිත්ති විනායකර් කෝවිලට යම්කිසි පිරිසක් විසින් ප්‍රහාරයක් එල්ල කර තිබේ. කෝවිලේ පූසාරිතුමා අද පෙරවරුවේ පූජා කටයුතු සඳහා කෝවිලට පැමිණි අවස්ථාවේ කෝවිලට අලාභ හානි සිදුකර, සිවලිංගය ද විසිකර දමා තිබේ.

සිද්ධියට සම්බන්‍ධයෙන් කෝවිලේ පූසාරිතුමා වහාම පොලිසියට පැමිණිළි කර තිබේ. සිද්ධියට සම්බන්‍ධ සැකකරුවන් කිසිවකු මෙතෙක් අත්අඩංගුවට ගෙන නැති බව මූලික පොලිස් විමර්ශණවලින් අනාවරණයවේ. නැගෙනහිර පළාත් කෘෂිකර්ම ඇමැති කි. තුරයිසිංගම් මහතා සිද්ධිය ස්ථානයට ගොස් තොරතුරු විමසා තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top