මුදල් ඇමැතිගේ ප්‍රකාශය ගැන පරීක්‍ෂණයක් අවශ්‍යයි – බන්දුල ගුණවර්ධන

රුපියල් 5000 මුදල් නෝට්ටු සම්බන්‍ධයෙන් මුදල් ඇමැතිවරයා කළ ප්‍රකාශය ගැන පරීක්‍ෂණයක් සිදුකළ යුතු බව ඒ්කාබද්ධ විපක්‍ෂය ඉල්ලා තිබේ.

පසුගිය ජනාධිපතිවරණ සමයේදී මහ බැංකුවෙන් රුපියල් කෝටි 1300 ක මුදලක් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් සිය විධායක බලය යොදා ගනිමින් ලබා ගෙන දේශපාලන කටයුතු සදහා යොදා ගත් බවට, මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා විසින් සිදු කරන ලද ප්‍රකාශය කිසිසේත්ම පිළිනොගන්නා බව පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා අවධාරණය කර සිටියි.

ඊයේ (18) පුංචි බාෙරැල්ල වජිරාශ්‍රම විහාරස්ථානයේදී පවත්වන ලද මාධ්‍ය හමුවකට එක්වෙමින් හෙතෙම මේ බව පවසා තිබේ.

රුපියල් කෝටි 1300 ක් වැනි ඉතා විශාල මුදලක්, කිසිදු පුද්ගලයෙකුගේ අවධානයට ලක් නොවී පිටතට ගෙන යෑම කළ නොහැකි බවත් මුදල් ඇමැතිගේ අදාළ ප්‍රකාශය සම්බන්ධයෙන් නිසි විමර්ශනයක් කොට ඊට වගකිවයුතු පුද්ගලයින්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන මෙන් ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින බවද බන්දුල ගුණවර්ධන මහතා ඉල්ලා තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top