නව ව්‍යවස්ථාව ගැන සොයා බැලීමට දෙ.ජා.ස. ජනවාරි 8 රැස්වෙයි..

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පිළිබඳ දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමෙන්තු මන්ත්‍රීවරුන් අතර වූ විශේෂ සාකච්ඡාවක් ජනවාරි මස 8 වනදා කොළඹ දී පැවැත්වීමට නියමිත බව වාර්තාවේ.

පක්‍ෂයේ නායක ආර්. සම්බන්‍ධන් මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිත එම රැස්වීමට පක්‍ෂයේ සියළු මන්ත්‍රීවරුන් සහභාගි විය යුතු යැයි උපදෙස් ලබාදී තිබේ. 2017 වසර සඳහා වූ පාර්ලිමෙන්තු සැසිවාරයට පෙර මෙම සාකච්ඡාව පැවැත්වීමට තීරණය කර ඇති බව වාර්තාවේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top