SRILANKAN NEWS

එල්.ටී.ටී.ඊ. සංවිධානය තහනම් ලැයිස්‌තුවෙන් ඉවත් කරන්නැයි ඔබාමාගෙන් ඉල්ලීමක්..

එල්. ටී. ටී. ඊ. සංවිධානය ඇමරිකාවේ තහනම් ලැයිස්‌තුවෙන් ඉවත් කරන ලෙස බැරක් ඔබාමාගෙන් ඉල්ලා තිබේ. ඩයස්පෝරා දෙමළ සංවිධාන විසින් මෙම ඉල්ලීම ඉදිරිපත් කර තිබේ.

එල්. ටී. ටී. ඊ. සංවිධානය ත්‍රස්තවාදී තහනම් සංවිධාන ලැයිස්තුවට ඇතුලත් කිරීම හේතුවෙන් බොහෝ දෙනෙකු ප්‍රශ්ණ හා බලපෑම්වලට මුහුණ දෙමින් සිටින බව ඔවුන් පවසා තිබේ.

ඇමරිකානු දෙමළ ජනතාව විදෙස් රටවලට යාමේදී සහ ඇමරිකාවට පැමිණීමේදී විවිද ගැටළුවලට මුහුණ දෙන බවත්, ඇමරිකානු දෙමළ ජනතාව දැඩි සෝදිසියකට ලක්කරන බවද පවසා තිබේ.

මෙම ක්‍රිස්මස් උත්සව කාලයේදී එල්.ටී.ටී.ඊ. සංවිධානය තහනම් ලැයිස්තුවෙන් ඉවත් කර දෙමළ ජනතාව ඔබාමා විසින් යම්කිසි තැග්‍යක් ලෙස ලබාදිය හැකි බවද සඳහන් කර තිබේ. ටැමිල්ස් ෆෝ ඔබාමා නැමැති සංවිධානය විසින් මෙලෙස ඉල්ලීමක් ඉදිරිපත් කර තිබේ.

බුෂ්ගේ රජය ශ්‍රී ලංකාවේ සිඳුවූ ජන සංහාරයට සහාය ලබාදුන් බවත්, එල්.ටී.ටී.ඊ. සංවිධානය තවඳුරටත් තහනම් ලැයිස්තුවට ඇතුලත් කිරීමට කිසිඳු අවශ්‍යතාවයක් නොමැති බවද පෙන්වාදී තිබේ.