අනාගත දරු පරපුරට යහපත් රටක් ගොඩනැගීම වෙනුවෙන් රජය කැපවී සිටිනවා – ජනපති

අනාගත දරු පරපුර වෙනුවෙන් යහපත් රටක් ගොඩනැගීමට වත්මන් රජය කැපවී සිටින බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසා තිබේ.

ඊයේ (21) පස්වරුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ පැවති සමෘද්ධි ළමා සමාජ සංස්කෘතික සහ සාහිත්‍ය උළෙලට සහභාගිවෙමින් ජනාධිපතිවරයා මේ බව පවසා තිබේ.

රටේ සහ ජාතියේ අනාගතය වෙනුවෙන් අප වෙත පැවරී ඇති ඉහළම වගකීම සහ යුතුකම වන්නේ අනාගත පරපුර ශක්තිමත් දරු පරපුරක් ලෙස ගොඩනැඟීම බවත්, රටේ සංස්කෘතිය සහ සාහිත්‍ය ඇසුරු කරන යහපත් අනාගත පරපුරක් ලෙස දරුවන් ගොඩනැඟීමේ වගකීම සියලුදෙනාට පැවරෙන බව ද මෙහිදී සඳහන් කළ ජනාධිපතිවරයා රටේ සියලු ජන කොටස් අතර සාමය සහ සහෝදරත්වය ඇති කරමින් සංහිඳියා වැඩපිළිවෙළ සාර්ථක කර ගැනීමේදී ද සංස්කෘතිය සහ සාහිත්‍ය ඉතා වැදගත් සාධකයක් බව ද පවසා තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top