මාගම්පුර වරාය ව්‍යාපෘතිය යටතේ ඉදිරි වසර 5 තුළ කර්මාන්ත ශාලා 2400ක්

රජය සහ චීන පෞද්ගලික සමාගමක් එක්ව සංවර්ධනයට කිරීමට නියමිත මාගම්පුර වරාය ව්‍යාපෘතියට සමගාමීව ඉදිරි වසර 5ක කාලය තුළ එම ප්‍රදේශය ආශ්‍රිත ව කර්මාන්ත ශාලා 2400ක් පමණ ඇති වෙතැයි සංවර්ධන උපාය මාර්ග හා ජාත්‍යන්තර වෙළඳ අමාත්‍ය මලික් සමරවික්‍රම මහතා පවසයි.

ඊයේ (21) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව පවසා තිබේ.

මෙම ව්‍යාපෘතිය හරහා හම්බන්තොට, මොණරාගල, ඇඹිලිපිටිය, මාතර ආදී දිස්ත්‍රික්ක කේන්ද්‍ර කරගනිමින් විශේෂ ආර්ථික කලාපයක් ඇති කරන බවත්, මෙම කලාපය ආශ්‍රිතව කර්මාන්ත ශාලා ඇතිකරමින් තරුණ තරුණියන් ලක්ෂ 04කට පමණ රැකියා ලබාදීමට අපේක්ෂා කරන බවද හෙතෙම පවසා තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top