උතුරු පළාත් සභාවේ 2017 සඳහා වූ අයවැයට ඒකමතික අනුමැතිය

උතුරු පළාත් සභාවේ 2017 වසර සඳහා වූ අයවැය ඒකමතිකව සම්මත වී තිබේ. 2017 වසර සඳහා උතුරු පළාත් සභාවට රුපියල් මිලියන 22 දහස් 728.117ක මුදලක් වෙන්කර ඇති බව උතුරු පළාත් සභා සභාපති සී.වී.කේ. සිවඥානම් මහතා ප්‍රකාශ කර තිබේ.

අයවැය පිළිබඳ විවාදය පසුගිය දින පහක කාලයක් පැවැත්වූ අතර, අදාළ අයවැය යෝජනාව පක්ෂ විපක්ෂ විසින් ඒකමතිකව සම්මත කර තිබේ.

අයවැය යෝජනාවට විරුද්ධත්වය පළ කළ යුතු යැයි විපක්‍ෂ මන්ත්‍රීවරුන් සියළු දෙනා ඉල්ලා සිටි නමුත්, ඔවුන් සමඟ සාකච්ඡා කර එය සම්මත කිරීමට එකඟත්වය ලබාගත් බව විපක්‍ෂ නායක තවරාසා මහතා පවසා තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top