නත්තලට සිරකරුවන් 572ක් නිදහස ලබයි..

උදාවූ නත්තල නිමිත්තෙන් සිරකරුවන් 572කුට නිදහස ලබා දීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව තීරණය කර ඇත.

ඒ අනුව සුළු වැරදිවලට සම්බන්ධ සහ දඩ මුදල් ගෙවා ගැනීමට නොහැකිව සිරගතව සිටි රැඳවියන් අතරින් පිරිමි රැඳවූවන් 565 දෙනෙකු සහ කාන්තා රැඳවූවන් 07 දෙනෙකු මෙලෙස නිදහස ලැබීමට නියමිතව ඇත.

සියලූම බන්ධනාගාර වල සිටින කිතුනු රැඳවියන් හමුවීම සඳහා ඔවුන්ගේ ඥාතීන්ට අද විශේෂ දිනයක් ලෙස නම් කර ඇති අතර දේව මෙහෙයන් හා සංස්කෘතික සංදර්ශන ද බන්ධනාගාරවල දී පැවැත්වීමට කටයුතු යොදා ඇති බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව නිවේදනය කර සිටියි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top