නැවැත පදිංචි කිරීම සහ ඉඩම් ලබාදීමේදී මුස්ලිම් ජනතාව නොසලකා හරිනවා යන චෝදනාව අසත්‍යයි..

උතුරු පළාත් සභාව නැවැත පදිංචි කිරීම සහ ඉඩම් ලබාදීමේ කටයුතුවල මුස්ලිම් ජනතාව නොසලකා හරින බවට එල්ලවන චෝදනාව පිළිගත නොහැකි බව උතුරු පළාත් මහ ඇමැති සී.වී. විග්නේෂ්වරන් මහතා පවසයි.

නිවේදනයක් නිකුත් කරමින් ඒ මහතා පවසා සිටින්නේ, මෑතකදී උතුරු පළාත් සභාව ඉඩම් ලබාදීමේදී මුස්ලිම් ජනතාව නොසලකා හරින බවට පාර්ලිමෙන්තු මන්ත්‍රීවරුන් සහ පළාත් සභා මන්ත්‍රීවරුන් චෝදනා කරති.

නැවැත පදිංචි කිරීමේ අමාත්‍යංශය යටතේ උතුර නැගෙනහිර පළාත්වලින් අවතැන්ව ගිය සිංහල හා මුස්ලිම් ජනතාව නැවැත පදිංචි කිරීම සඳහා විශේෂ කාර්‍ය කමිටුවක් පත්කර තිබුණි.

උතුරු පළාත් ඉඩම් කොමසාරිස්වරයා විසින් තහවුරු කරන ලද සංඛ්‍යා ලේඛණවලට අනුව 2013 සිට 2016 දක්වා ඉඩම් නොමැති දෙමළ, මුස්ලිම්, සිංහල පවුල් 4307කට ඉඩම් ලබාදී තිබේ.ෙ එහිදී දෙමළ පවුල් 1105කටද, මුස්ලිම් පවුල් 3145කටද, සිංහල පවුල් 57කට ඉඩම් ලබාදී ඇති බව සඳහන් කර තිබේ.

මහ ඇමැතිවරයාගේ අමාත්‍යංශය යටතේ මුස්ලිම් ජනතාව නැවැත පදිංචි කිරීම සඳහා කිසිඳු ක්‍රියාමාර්ගයක් ගෙන නොමැති බවත්, මුස්ලිම් ජනතාවට අයත් ඉඩම් ද උතුරු පළාත් සභාව ලබාදී නැති බවට උතුරු පළාත් සභා මන්ත්‍රී අස්මින් පසුගියදා පැවැති උතුරු පළාත් සභා සැසිවාරයේදී චෝදනා කර තිබුණි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top