SRILANKAN NEWS

දෙසැම්බර් 30 ජාතික ශෝක දිනයක් ලෙස ප්‍රකාශයට පත්කරයි..

ලබන 30 වන දා ජාතික ශෝක දිනයක් ලෙස ප්‍රකාශයට පත් කළ බව ස්වදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනය කරයි.

අභාවප‍්‍රාප්ත හිටපු අග‍්‍රාමාත්‍ය රත්නසිරි වික‍්‍රමනායක මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු සිදු කෙරෙන ලබන 30 වනදා ජාතික ශෝක දිනයක් ලෙස ප්‍රකාශයට පත්කර ඇති බවත් එදින දක්වා ජාතික කොඩිය අඩකුඹු කර තබන්නැයි සියලූ රාජ්‍ය සහ පෞද්ගලික ආයතනවලින් ඉල්ලා සිටින බව ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා පවසයි.

අවසන් කටයුතු සිදුකෙරෙන 31 දින ජාතික ශෝක දිනයක් ලෙස නම් කිරීමට රජය තීරණය කර අැති බව මුලින් සදහන් වුවද පසුව එම දිනය 30 වනදා ලෙස සංශෝධනය කර අැති බව වාර්තා වේ.