කිලිනොච්චිය පොදු වෙළෙඳ සංකීර්ණයේ ඇති වූ ගින්නෙන් විපතට පත්වූ ව්‍යාපාරිකයන්ට වන්දි ලබා දෙයි..

පසුගිය සැප්තැම්බර් මස ගින්නෙන් විනාශයට පත්වූ කිලිනොච්චිය වෙළඳ සංකීර්ණයේ ව්‍යාපාරිකයන්ට අද 28 දින වන්දි මුදල් ලබාදී තිබේ. බන්ධනාගාර ප්‍රතිසංස්කරණ, පුනරුත්ථාපන, නැවත පදිංචි කිරීම හා හින්දු ආගමික කටයුතු ඇමැති ඩි.එම්. ස්වාමිනාදන් මහතාගේ ප්‍රධානත්වයෙන් ව්‍යාපාරිකයන් 122 දෙනෙකුට රුපියල් මිලියන 71ක වන්දි මුදලක් පිරිනැමූහ.

අද පෙරවරුවේ කිලිනොච්චිය දිස්ත්‍රික්ක ලේකම් කාර්‍යාලයේ පැවැති මෙම අවස්ථාවට උතුරු පළාත් ආණ්ඩුකාර රෙජිනෝල්ඩ් කුරේ, ඇමැතිනී විජයකලා මහේෂ්වරන්, පාර්ලිමෙන්තු මන්ත්‍රී සි. ශ්‍රීදරන්, දිස්ත්‍රික්ක ලේකම් සුන්දරම් අරුමයිනායකම් ඇතුළු බොහෝ දෙනෙකු සහභාගිවූහ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top