සංවර්ධන විශේෂ පනතට මධ්‍යම පළාතත් විරෝධය පළ කරයි..

සංවර්ධන විශේෂ විධිවිධාන පනත් කෙටුම්පත සම්බන්ධයෙන් මධ්‍යම පළාත් සභාවට ඉදිරිපත් කළ යෝජනාව වැඩි ඡන්ද 32න් පරාජයට පත්ව තිබේ.

අද (28) සංවර්ධන විශේෂ විධිවිධාන පනත් කෙටුම්පත ගැන සලකා බැලීම සඳහා මධ්‍යම පළාත් සභාව  විශේෂ සැසිවාරයක් කැඳවා තිබුණි. එහිදී පනත් කෙටුම්පත සම්බන්ධයෙන් විවාදයක් අවශ්‍ය නොවන බව ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් ප්‍රකාශ කිරීමෙන් අනතුරුව ජන්ද විමසීම පැවැත්වුණි.

ඒ අනුව ඡන්ද විමසීමේදී ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරු 32ක් අදාළ පනත් කෙටුම්පතට විරුද්ධව ඡන්දය භාවිත කර ඇති අතර මන්ත්‍රීවරුන් 4 දෙනෙක් ඡන්දය භාවිත කිරීමෙන් වැළකී තිබේ.

මේ වන විට පනත් කෙටුම්පත පළාත් සභා 6කදී  සලකා බලා ඇති අතර එම සියලු පළාත් සභා එය ප්‍රතික්ෂේප කර තිබීම විශේෂත්වයකි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top