SRILANKAN NEWS

ජොන්ස්ටන්ගේ පුතා තනතුරෙන් ඉවතට

වයඹ පළාත් සභාවේ ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයා ලෙස කටයුතු කළ පළාත් සභා මන්ත්‍රී ජොහාන් ප්‍රනාන්දු මහතා එම තනතුරින් ඉවත් කිරීමට වයඹ පළාත් සභාවේ අමාත්‍ය මණ්ඩලය ඊයේ (27දා) තීරණය කර තිබේ.

ආණ්ඩු පක්ෂයේ සංවිධායක ලෙස ජොහාන් ප්‍රනාන්දු මහතා ඔහුගේ වගකීම් පැහැර හරිමින් පසුගියදා පැවැති වයඹ පළාත් සභා අයවැය විවාදයේ දින හතරටම සහභාගී නොවීම මේ තීරණයට හේතුව බව පැවැසේ.

ජොහාන් ප්‍රනාන්දු මහතාගෙන් පුරප්පාඩු වන එම තනතුර සඳහා වයඹ පළාත් සභාවේ ජ්‍යෙෂ්ඨතම මන්ත්‍රීවරයෙකු වන බංඩාර රාජපක්ෂ මහතාව පත්කර ඇත.