SRILANKAN NEWS

දෙමළ ජනතාවට අනතුරක් විය හැකි සම්මුතියකට එකඟ නැහැ – සම්බන්‍ධන්

ඒකීය පාලනයක් තුළ දෙමළ ජනතාව කිසිඳු විසඳුමක් ලබාදිය නොහැකි බව පවසා ඇති විපකෂ නායක ආර්. සම්බන්‍ධන් මහතා, දෙමළ ජනතාවට අනතුරක් විය හැකි කිසිඳු සම්මුතියකට එකඟත්වයක් නැති බව පවසා තිබේ.

ෆෙඩරල් ක්‍රමයට ඉඩක් නැති බවත්, ඒකීය පාලනයක් තුළ විසඳුමක් ලබා දෙන බවට ආණ්ඩු පාර්ශවය දිගින් දිගටම ප්‍රකාශ කර සිටින අවස්ථාවක, මේ සම්බන්‍ධයෙන් සම්බන්‍ධන් මහතා සිය අදහස් පළ කර තිබේ.

ඒකීය පාලනයක් යටතේ විසඳුමක් ලබාදිය නොහැකි බව දකුණේ නායකයන් සමඟ වූ සෑම සාකච්ඡාවකදී අවධාරණය කරමින් සිටින බවත්, මෙවැනි තත්වයකදී දෙමළ ජනතාව සඳහා වූ දේශපාලනික විසඳුම සිංහල ජනතාව ද පිළිගත යුතු බවත්, ස්ථීරව පවතින්නේ එවැනි දේශපාලන විසඳුමක් බව ද සම්බන්‍ධන් මහතා වැඩිදුරටත් පවසා තිබේ.