උතුරු පළාත් ස්වේච්ඡා ගුරුවරුන් සිය සත්‍යග්‍රහය අත්හරියි

ස්ථීර පත්වීම් ලබාදිය යුතු බව ඉල්ලමින් උතුරු පළාත් ස්වේච්ඡා ගුරුවරුන් කළ සත්‍යග්‍රහය අත්හිටුවා ඇති බව පැවැසේ.

යාපනය පිහිටි උතුරු පළාත් ආණ්ඩුකාරවරයාගේ කාර්‍යාලය ඉදිරිපිට ඊයේ (28) පෙරවරු 9 සිට ස්වේච්ඡා ගුරුවරුන් උපවාසයේ නිරතවූහ.

ස්ථීර පත්වීම් ලබාදීම සම්බන්‍ධයෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමඟ සාකච්ඡා කර විසඳුමක් ලබා දෙන බවට උතුරු පළාත් ආණ්ඩුකාර රෙජිනෝල්ඩ් කුරේ මහතා ලබාදුන් පොරොන්දුව මත උතුරු පළාත් ස්වේච්ඡා ගුරුවරුන් සිය සත්‍යග්‍රහය තාවකාලිකව අත්හිටුවා ඇති බව ස්වේච්ඡා ගුරු සංගමයේ නායක ජෙයරාජ් පවසා සිටියේය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top