ත්‍රිවිධ හමුදාවට ලබාදී තිබූ පොදුසමා කාලය අදින් අවසන්

නිවාඩු නොලබා සේවයට වාර්තා නොකර ත්‍රිවිධ හමුදාවෙන් පළා ගොස් සිටි නිලධාරීන් ඇතුළු සෙසු සාමාජිකයින්ට අදාළ හමුදාවන්ට වාර්තා කිරීම සඳහා ලබාදී තිබූ පොදු සමා කාලය අද දින (31) මධ්‍යම රාත්‍රියෙන් අවසන් වීමට නියමිත බව ආරක්ෂක අමාත්‍යාංශය සඳහන් කරයි.

මේ වන විට ත්‍රිවිධ හමුදාවෙන් පළා ගොස් ඇති සාමාජිකයින් සංඛ්‍යාව 51,000ක් පමණ වන අතර ඉන් 42,500ක් යුද හමුදා සාමාජිකයින් බව යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් රොෂාන් සෙනෙවිරත්න මහතා පවසයි.

ඊයේ දිනය (30) වන විට යුධ හමුදාවට අයත් නිලධාරින් 09 ක් සහ සෙසුනිලයින් 6502 ක්, නාවික හමුදාවේ නිලධාරින් 02 ක් සෙසු නිලයින් 614 ක් සහ ගුවන් හමුදාවේ නිලධාරින් 20ක් සහ සෙසු නිලයින් 294 දෙනෙක් යළි වාර්තා කර ඇති බව හෙතෙම පවසා තිබේ.

අද දින මධ්‍යම රාත්‍රියෙන් පසු නිවාඩු නොලබා හෝ නිසි අවසරයකින් තොරව සේවයට වාර්තා නොකර සිටින පිරිස අත්අඩංගුවට ගැනීම සඳහා හෙට(01) දින සිට රට පුරා මෙහෙයුම් දියත් කරන බව ද හෙතෙම වැඩිදුරටත් පවසා තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top