SRILANKAN NEWS

විල්පත්තු වනය පුළුල් කරමින් වනජීවි කලාපයක් බවට පත් කිරීමට ජනපතිගෙන් උපදෙස්

වනජීවි දෙපාර්තමේන්තුවට අයත් නොවන බිම් ප්‍රදේශයද අැතළත් කරමින් විල්පත්තු වනය තව දුරටත් පුළුල් කරමින් වනජීවි කලාපයක්‌ ප්‍රකාශයට පත් කරන ලෙස ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් බලධාරීන්ට උපදෙස් ලබා දී තිබේ.

ඊයේ (30) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ පරිසර අමාත්‍යාංශයට අයත් ආයතන ප‍්‍රධානීන් සමඟ පැවති විශේෂ සාකච්ඡාවක දී ජනාධිපතිවරයා මෙලෙස උපදෙස් ලබාදී තිබේ.

විල්පත්තුව ඇතුළු සියලු වනාන්තර නවීන තාක්ෂණය භාවිතා කරමින් ගුවනේ සිට නිරන්තරයෙන්ම නිරීක්ෂණය කළ හැකි වැඩපිළිවෙලක් කඩිනමින් කි‍්‍රයාවට නැංවීමටත්, කුමන අයුරකින් හෝ සිදු කෙරෙන වනාන්තර හෙළි කිරීම්වලට අදාළව තරාතිරම නොබලා නීතිය කි‍්‍රයාත්මක කරන ලෙස මෙහිදී ජනාධිපතිවරයා උපදෙස් ලබාදී තිබේ.