හිටපු අගමැතිගේ අවසන් කටයුතු අද

හිටපු අග්‍රාමාත්‍ය රත්නසිරි වික්‍ර‍මනායක මහතාගේ අවසන් කටයුතු පූර්ණ රාජ්‍ය ගෞරව සහිතව අද (31) දින පස්වරු 3.30ට හොරණ මහජන ක්‍රීඩාංගනයේදී පැවැත්වීමට කටයුතු සූදානම් කර තිබේ.

පසුගිය අඟහරුවාදා රත්නසිරි වික්‍රමනායක මහතා අභාවප්‍රාප්ත වුණි. මේ වන විට ඒ මහතාගේ දේහය හොරණ පිහිටි සිය නිවසේ තැන්පත් කර තිබේ.

රත්නසිරි වික‍්‍රමනායක මහතා මිය යන විට ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාගේ ජ්‍යෙෂ්ඨ උපදේශකවරයෙකු වශයෙන් කටයුතු කරනු ලැබීය.

1965 වසරේදී හොරණ ආසනය නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට පිවිසි රත්නසිරි වික්‍රමනායක මහතා නියෝජ්‍ය අමාත්‍ය, අමාත්‍ය ධුරයන් මෙන්ම අග්‍රාමාත්‍ය ධුරයද හෙබවූ මෙරට කෘතහස්ත දේශපාලනඥයෙකු විය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top