SRILANKAN NEWS

රාජ්‍ය අමාත්‍ය ප්‍රියංකර ජයරත්න ඉල්ලා අස්වෙයි..

පළාත් පාලන හා පළාත් සභා රාජ්‍ය අමාත්‍ය ප්‍රියංකර ජයරත්න මහතා ඊයේ (30) සිය ධුරයෙන් ඉල්ලා අස්‌වූ බව වාර්තාවේ.

අදාළ අමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස්වන්නැයි තම දිස්ත්‍රික්කයේ පළාත් පාලන නියෝජිතයින් මෙන්ම පාක්ෂිකයින් තමන්ගෙන් කරන ලද ඉල්ලීමට අනුව මෙම තීරණය ගත් බව ප්‍රියංකර ජයරත්න මහතා පවසා තිබේ. ප්‍රියංකර ජයරත්න මහතා සිය ඉල්ලා අස්‌වීමේ ලිපිය ඊයේ (30) ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාට භාරදුන් බවද පැවැසේ.