අධිවේගයේ ගාස්තු අද සිට අඩුවෙයි!

අද (01) සිට රාත්‍රී 9.00 සිට අලුයම 5.00 දක්වා අධිවේගී මාර්ගයේ රථ වාහන සඳහා අයකරනු ලබන ගාස්තුව රු.50න් අඩු කිරීමට රජය විසින් පියවර ගෙන තිබේ.

2017 අයවැය යෝජනා මගින් ඉදිරිපත් කරන ලද යෝජනාවකට අනුව අද සිට මෙලෙස ගාස්තුව අඩු කරන බව මාර්ග සංවර්ධන අධිකාරිය විසින් සදහන් කර ඇත.

එමෙන්ම අද දිනයේ සිට පන්නිපිටිය ප්‍රදේශයේ අලුත්වැඩියා කෙරෙමින් තිබූ මාර්ගය මංතීරු 04 ක් දක්වා වැඩි කොට වාහන ධාවනය සඳහා එක් කිරීමට අපේක්ෂා කරන බවද මාර්ග සංවර්ධනය අධිකාරියේ සභාපතිවරයා විසින් සදහන් කර ඇත.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top