ශ්‍රී ලංකාවට දිගටම සහාය ලබා දෙනවා – එක්සත් ජාතීන් සංවිධානය

ශ්‍රී ලංකාවට දිගටම සහාය ලබා දෙන බව එක්සත් ජාතීන් සංවිධානය ප්‍රකාශ කර තිබේ. එක්සත් ජාතීන් සංවිධානයේ නව මහ ලේකම්වරයා ලෙස තේරී පත්වී සිටින අන්ටොනියෝ ගුට්රරෙස් මහතාගේ ධූරය කාලය නිළ වශයෙන් අදින් ආරම්භවීම විශේෂත්වයකි.

සහජීවනය සහ සාමය කරා යන ශ්‍රී ලංකාවේ ගමනට පූර්ණ සහාය ලබා දෙන බව එක්සත් ජාතීන් සංවිධානයේ ශ්‍රී ලංකාව සඳහා වූ නිත්‍ය නියෝජිත උනා මැක්කෝසි මහත්මිය පවසා තිබේ.

මෙම නව වසරේදී ද ශ්‍රී ලංකාවට දිගටම සහාය ලබා දෙන බව ඇය වැඩිදුරටත් පවසා තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top