සීමා නිර්ණය වාර්තාව විෂය භාර ඇමැති ප්‍රතික්‍ෂේප කරයි..

පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තාපා මහතා විසින් සීමා නිර්ණය අභියාචනා කමිටු අවසන් වාර්තාව ප්‍රතික්ෂේප කර තිබේ. අදාළ කමිටුවේ සාමාජිකයන් ලෙස පත් කළ හිටපු ආණ්ඩුකාර සාලිය මැතිව් සහ ජ්‍යෙෂ්ඨ නීතීඥ එස්.මිස්බා යන අය ඉකුත් අවසන් වාර්තාවට අත්සන් තබා නොමැති හෙයින් එම වාර්තාව ප්‍රතික්‍ෂේප කළ බව ඇමැතිවරයා පවසා තිබේ.

මේ සම්බන්‍ධයෙන් කමිටුවේ අදාළ සාමාජිකයන් දෙදෙනාගෙන් විමසූ විට එම අවසන් වාර්තාව තමන්ට නොලැබීම හේතුවෙන් ඊට අත්සන් තැබීමට නොහැකි වූ බව පවසා තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top