සීමා නිර්ණ අභියාචනා කමිටුවේ අවසන් වාර්තාවට සාමාජිකයන් දෙදෙනෙකු අත්සන් නොතැබීම සහ ඒ හේතුවෙන් විෂයභාර අමාත්‍යවරයා අදාළ වාර්තාව භාර ගැනීම ප්‍රතික්ෂේප කිරීම, ආණ්ඩුවේ අනුදැනුම මත පළාත් පාලන මැතිවරණය කල් දැමීමේ වුවමනාව මත සිදු වුවක් බවට පැෆරල් සංවිධානය චෝදනා කර තිබේ.
පළාත් පාලන මැතිවරණය කල් දැමීම සදහා යහපාලන ආණ්ඩුව විසින් ගනු ලබන උපක්‍රම ජනතාවට පැහැදිලිව වටහාගත හැකි බව සදහන් කරන එම සංවිධානයේ විධායක අධ්යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා, දේශපාලන පක්ෂවල නියෝජිතයින් මෙම කමිටු වාර්තාවට අත්සන් නොකර සිටීමේ කිසිදු සදාචාරාත්මක අයිතියක් නොමැති බව ද සදහන් කරන ලදි.
එමෙන්ම මේ පිළිබදව අවධානය යොමු කිරීමේ අවශ්‍යතාවයක් ඇත්නම් ජනාධිපතිවරයාට සහ අග්‍රාමාත්‍යවරයාට මෙම ගැටළුව විසඳීමට හැකි බව ද හෙට්ටිආරච්චි මහතා වැඩි දුරටත් අවධාරණය කර ඇත.
එමෙන්ම මෙම තත්ත්වය පිළිබදව අදහස් දක්වමින් කැෆේ සංවිධානයේ විධායක අධ්යයක්ෂ කීර්ති තෙන්නකෝන් මහතා පෙන්වා දී ඇත්තේ මෙම උපක්‍රමය ඉහළ දේශපාලන නායකත්වයේ අනුදැනුම මත සිදු වන්නක් බවයි.
Add Comment