හම්බන්තොට වරාය ඉදිකිරීම සඳහා ලබාගත් ණය ගෙවිය යුත්තේ මහජනතාව බවත් වරාය ජනතාවගේ සම්පතක් බවත් එය විකුණා දැමීමට ආණ්ඩුවට අයිතියක් නොමැති බවත් ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායක මහතා පවසයි.
පැලවත්ත ජනතා විමුක්ති පෙරමුණ මූලස්ථානයේ ඊයේ (03) පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් ඔහු මේ බව පවසා තිබේ.
මේ ආණ්ඩුව පත්වෙලා වසර දෙකක් ගතවෙමින් තිබෙනවා. ඕනෑම ආණ්ඩුවක ගමන්මග කි‍්‍රයාමාර්ග මැන බැලීමට වසර දෙකක කාලයක් ඕනෑවටත් වඩා ප‍්‍රමාණවත්. වසර දෙකක් ගතවෙමින් තිබෙන මේ ආණ්ඩුව පෙන්වමින් තිබෙන්නේ මේ රට ගමන් කරන විනාශය වැළැක්වීමට හෝ රට නව දිශාවකට යොමුකිරීමට කිසිසේත්ම සූදානම් නැති බවයි, ඒ සඳහා සමත්කමක් නැති බවයි. මේ රට ගමන් කරමින් තිබෙන විනාශය වළක්වනවා වෙනුවට මේ ආණ්ඩුවේ ප‍්‍රතිපත්ති, කි‍්‍රයාමාර්ග පෙළ ගැසෙමෙන් තිබෙන්නේ, තවදුරටත් විනාශකාරී දිශාවක බව හෙතෙම පවසා තිබේ.
ආණ්ඩුවේ හම්බන්තොට වරාය විකිණීමේ ප්‍රතිපත්තියට එරෙහිව දැවැන්ත අරගලයක් කරන බවත් එහි මූලික පියවර ලෙස දිවයින පුරා පත්‍රිකා බෙදාහැරීමක් හෙට ආරම්භ කරන බව ද ඒ මහතා වැඩිදුරටත් පවසා තිබේ.
Add Comment