ගමැති පිටරට ගිය විටදී ආණ්‌ඩුව පෙරළන්න මට ඕනෑකමක්‌ නැහැ – මහින්ද

“අගමැතිතුමා පිටරට ගිය විටදී ආණ්‌ඩුව පෙරළන්න මට ඕනෑකමක්‌ නැහැ. මම පිටුපස්‌සෙන් ඇවිත් පිහියෙන් අනින කෙනෙක්‌ නොවේ” යෑයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා පවසයි.

රජය පෙරළා දැමීමට අගමැතිතුමා පිටරට යනතෙක්‌ බලා සිටීමට තමාට අවශ්‍ය නැති බවත් එතුමා ශ්‍රී ලංකාවේ සිටියදීම රජය පෙරළන බවත් හිටපු ජනාධිපතිවරයා වැඩිදුරටත් පැවසීය.

තමන් සතියක්‌ විදේශගතව සිටින බැවින් හැකි නම් ආණ්‌ඩුව පෙරළන ලෙසට හිටපු ජනාධිපතිවරයාට අගමැතිවරයා කරන ලද අභියෝගය සම්බන්ධයෙන්, පිළිතුරු දෙමින් මේ බව අනාවරණය කළ මහින්ද රාජපක්‍ෂ මහතා මේ ආණ්‌ඩුව අත්තනෝමතික පාලනයක්‌ ගෙනයමින් ජනතාව දැඩි පීඩාවන්ට ලක්‌කර තිබෙන බවත් මේ තත්ත්වය මත රටේ සියලු බලවේග ආණ්‌ඩුවට එරෙහිව පෙළගැසී සිටින බවත් වැඩිදුරටත් පැවසීය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top