SRILANKAN NEWS

කනකාම්බිකයි විහාරයේ කටයුතු බුදු දහමට පටහැනියි – වල්පොල විමලඤාණ හිමි

kili5_CIකනකාම්බිකයන් බෞද්ධ විහාරස්ථානයේ කටයුත්ත බුදු දහමට පැටහැනි ක්‍රියාවක් බව පෑලියගොඩ, ගංගාරාම මහා විහාරාධිපති වල්පොල විමලඤාණ නා හිමියන් පවසයි.

අද අඟහරුවාදා දින (09) කිලිනොච්චිය පොන්නගර් ප්‍රදේශයට කාම්බෝජයේ ලෙච් සොනාන් හිමියන් සමඟ පැමිණි ගංගාරාම මහා විහාරාධිපති වල්පොල විමලඤාණ නා හිමියන් ප්‍රදේශයේ පවුල් සියයකට පෑලිගයගොඩ ගංගාරාම විහාරස්ථානයේ මුදල් ආධාර යටතේ ආහාර ද්‍රව්‍ය, සහ ඇඳුම් පැලඳුම් බෙදාදීමේ උත්සවයට සහභාගිවූහ.

උත්සවයෙන් අනතුරුව කනකාම්පිකයි කෝවිලට අසල කෝවිලට අයත් ඉඩමේ තෙවන මාර්ගය ද වටකර අනුමැතියකින් තොරව විහාරස්ථානයක් ඉදිකිරීම සම්බන්‍ධයෙන් බෞද්ධ හිමිවරයකු වශයෙන් ඔබතුමාගේ අදහස කුමක්දැයි මාධ්‍යවේදීන් කළ ප්‍රශ්ණයකට පිළිතුරු දෙමින් එතුමා මේ බව පැවැසීය.

අපිත් හින්දු දෙවියන්ව නමදිනවා, හින්දු කෝවිලක් අසල බෞද්ධ විහාරස්ථානයක් ඉදි කිරීම වරදක් නොවේ නමුත්, ඔබලාගේ ඉකුත් කනකාම්බිකයි කෝවිල අසල ඉදිකරන එම බෞද්ධ විහාරස්ථානය එම කෝවිලේ පරිපාලකයන්ගේ අනුමැතිය හෝ ප්‍රදේශවාසීන්ගේ අනුමැතියද නැතිව ඉදිකරන්නේ නම් එය බුද දහමට පටහැනි ක්‍රියාවකි. නමුත් මෙම ප්‍රකාශය මට මාධ්‍ය ඉදිරියේ පැවැසිය නොහැකි නමුත් මෙම විහාරස්ථානයේ ඉදිකිරීම් කටයුතු සම්බන්‍ධයෙන් අදාල බෞද්ධ විහාරස්ථානයේ හිමිවරයා සමඟ සාකච්ඡා කර යහපත් විසඳුමක් ගන්නා බව පවසා සිටියේය.

එහිදී වැඩිදුරටත් අදහස් ප්‍රකාශ කළ වල්පොල විමලඤාණ නා හිමියන්, සිංහල ජනතාවට පමණක් සියළු පහසුකම් සපයා දෙන බවට පවසනවා නමුත් එය සත්‍යක් නොවේ, මමත් පිටිසර ප්‍රදේශයක ජීවත්වන්නෙමි. එම ප්‍රදේශයේ අධික පිරිසක් ජීවත් වන නමුත් ඔවුන්ට ද කිසිඳු පහසුකමක් සපයාදී නැහැ. මෙහි සිටින දෙමළ ජනතාවගේ තත්වයද එලෙසම තිබේ. රටේ පැවැති අසාමාන්‍ය සිඳුවීම් නිසා දෙමළ ජනතාව වැඩි වශයෙන් පීඩාවට පත්වූ බව සත්‍යයකි, දකුණේ දෙමළ ජනතාව සිංහල ජනතාව යන භේදයකින් තොරව එකමුතුවෙන් ජීවත්වන්නෙමු. එලෙස සියළු දෙනාම එකමුතුවෙන් ජීවත්විය යුතු යැයි වැඩිදුරටත් පවසා සිටියේය.

– ග්ලෝබල් දෙමළ පුවත් –