ලබන 08දාට පෙර රැකියා 20000ක් – අගමැති

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ දෙවැනි පදවි ප්‍රාප්තිය යෙදෙන ලබන 08දාට පෙර දිවයින පුරා විවිධ කර්මාන්ත ඇතිකරමින් රැකියා 20000ක් ඇති කිරීමට කටයුතු කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසා තිබේ.

ඊයේ (03) කුලියාපිටිය වොක්ස්වගන් කර්මාන්ත ශාලාවට මුල් ගල තැබීමේ උත්සවයට සහභාගිවෙමින් අගමැතිවරයා මේ බව පවසා තිබේ.

වොක්ස්වගන් කර්මාන්ත ශාලාව හරහා ඉදිරියේ දී රැකියා 2500ක් ඇති කරන අතර, රටේ ණයබර අනාගත පරපුරට ලබානොදෙන බවත් 2020 වන විට ජනතා බලාපොරොත්තු ඉටුකිරීමට කටයුතු කරන බව ද අග්‍රාමාත්‍යරවයා වැඩිදුරටත් පවසා තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top