SRILANKAN NEWS

නාවට්කුලි ප්‍රදේශයේ පදිංචි වූ සිංහල ජනතාවට නිවාස ව්‍යාපෘතියක්..

නාවට්කුලි ප්‍රදේශයේ පදිංචි වූ සිංහල ජනතාවට නිවාස ව්‍යාපෘතියක් යටතේ නිවාස ඉදිකර දීමට නියමිත බව ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ යාපනය දිස්ත්‍රික්ක කළමණාකරු එම්. රවීන්ද්‍රන් පවසයි.

2016 වසරේ යාපනය දිස්ත්‍රික්කයේ පදිංචි 989 දෙනෙකුට යාපනය දිස්ත්‍රික්ක ජාතික නිවාස ඉදිකිරීම් අධිකාරිය විසින් නිවාස ණය ලබාදී තිබේ. එක් පවුලකට රුපියල් 3,50000 ක මුදලක් අලුත්වැඩියා කටයුතු සඳහා ලබාදී තිබේ. මේ සඳහා රුපියල් මිලියන 86.55ක මුදලක් වියදම් කර තිබේ, තවද පවුල් 3000කට එක් පවුලකට සිමෙන්ති කොට්ට 10 බැගින් ලබාදී ඇති අතර ඒ සඳහා රුපියල් මිලියන 24.7ක මුදලක් වියදම් කර ඇති බව හෙතෙම පවසා තිබේ.

මේ අතර, 2017 වසරේ දැවැන්ත ව්‍යාපෘතියක් ලෙස නාවට්කුලි ප්‍රදේශයේ නිවාස 250කින් යුත් ආදර්ශ ගම්මානයක් ඉදි කිරීමට සැලසුම් කර තිබේ. නාවට්කුලි ප්‍රදේශයේ පදිංචිව සිටින දෙමළ පවුල් 200කට සහ සිංහල පවුල් 50කට නිවාස ඉදිකිරීම සඳහා නිවසක් රුපියල් ලක්‍ෂ පහ බැගින් ඉකුත් අදාර්ශ ගම්මානය ඉදිකරන බව ඔහු වැඩිදුරටත් පවසා තිබේ.