SRILANKAN NEWS

කටුනායක ගුවන්තොටුපල ධාවන පථය ප්‍රතිසංවර්ධන කටයුතු ආරම්භ කරයි

1986 වසරේ ඉදි කරන ලද කටුනායක බණ්ඩාරනායක ගුවන්තොටුපලේ ප්‍රතිසංවර්ධන කටයුතු කිරිම ආරම්භ කරනු ලබන අතර ඒසදහා 2017 ජනවාරි 06   සිට අප්‍රේල් 05 දක්වා පෙ.ව. 8.30 සිට ප.ව. 2.30 දක්වා පැය 08ක කාලයක් ධාවන පථය වසා දැමීමට තීරණය කර ඇති බව ප්‍රවාහන හා සිවිල් ගුවන්සේවා අමාත්‍යාංශය අවධාරණය කරයි.

ඒ අනුව ගුවන් තොටුපොළේ ධාවන පථයේ අලුත්වැඩියා කිරීම් ආරම්භ කරනු ලැබීමත් සමඟ එහි ගුවන්ගමන් ප්‍රධාන වශයෙන් රාත්‍රි කාලයට සීමා කොට තිබේ.

මෙම ප්‍රතිසංස්කරණය කටයුතු තුල දැනට ධාවනපථයේ පවතින ඉරිතැලීම, කඩතොලු තත්ත්වයන් අළුත්වැඩියා කොට ගුවන් යානා ගොඩබැස්සවීමේදි හා ගුවන්ගත කිරීමේදි භාවිතා වන ධාවන පථයේ ඝර්ෂණ මට්ටම වැඩි දියුණු කිරිම සදහා ආස්තරණය කිරිමක්  සිදුකිරීමට නියමිතයි.